10 කොටස
"මට ඉක්මනට එන්න වෙනවා තාත්ති එ් නිසා මං මගෙ වෙහිකල් එකේ යන්නම් ඔයාලා කට්ටිය වෑන් එකේ එන්න."
ඔහු තුරුලේ යන්නට සිටි සිහිනය එතැනම බොඳවිය. ළඟ නැතත් පැය කිහිපයක් හෝ එ් රුව දෙස බලා සිටින්නටවත් තිබුනි.
"එ්ත් පුතා තනියම?"
"අවුලක් නෑ අම්මා ප්රභාත් එක්ක එන්නම් මං"
"ප්රභාත් පුතත් එනවද.අනේ මන්දා එ්ත් කට්ටියම කාලෙකින් යන්න හිටපු ගමන" සමන්ති කීවේ කනස්සල්ලෙනි.
"ප්රභාත් අයියත් එනවා නම් වෑන් එකේ ඉඩමදි අම්මා.මං කියන්නද වැඩක්. අපි හතරදෙනා අයියගෙ වාහනේ එන්නම්.ඔයාලා වෑන් එකේ එන්න.හැටේ හැත්තෑවෙ දශකෙ සෙට් එකනෙ නොහොමත්"
"කේෂ්...."
"හරි හරි තාත්තා ඔයා තාම කොල්ලා ඔච්චර තරහාගන්නෙපා අනේ..." කේෂ්ගේ කතාවට සිනහා අාවත් නිලන්ත තරවටු මුහුණක් මවාගත්තේය.
"එහෙම කමක් නැද්ද සරත්. මං කිව්වෙ දූ විතරක් නිසා"
"මේ දරුවො දෙන්නා යන නිසා බයක් නෑ නිලන්ත "
කියාශා නම් උන්නේ ඉහේ මලක් පිපීමෙනි.
හේෂදගේ මුහුණේ නම් කිසිදු හැඟීමක් නැත.
කතා මුල් අයිතිය shani upathissa
පහත ලින්ක් එක මගින් කතාව සම්පුර්න කියවිය හැකිය
No comments:
Post a Comment